පාකිස්තාන ශහීන්ස් පරදා ඉන්දීය A පිලට ලකුණු 7ක තියුණු ජයක්

Date:

නැගී එන කණ්ඩායම් පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම පරදා ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව A කණ්ඩායම අද(19) සමත් වුණා.

ඕමානයේ Al Amerat හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය A පිල කඩුලු 8 ක් දැවී ලකුණු 183 ක් ලබා ගත්තා.

නායක තිලක් වර්මා ලකුණු 44(35) ක්, ප්‍රබ්සිම්රන් සිං ලකුණු 36(19) හා අභිෂේක් ෂර්මා ලකුණු 35(22) ක් රැස් කළා. පන්දු යැවීමේ දී සුෆියන් මුකීම් ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණයි.

අරෆත් මින්හාස් ලකුණු 41(29) ක් හා යසීර් ඛාන් ලකුණු 33(22) ක් ලබා ගත්තා. කාසිම් අක්‍රම් ලකුණු 27(21) ක් ද, අබ්දුල් සමාද් ලකුණු 25(15) ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අන්ෂුල් කම්බෝජ් කඩුලු 3 ක් දවා ගත් අතර, රසික් සලාම් හා නිශාන්ට් සින්දු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, ඉන්දීය පිතිකරු අභිෂේක් ෂර්මාගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව සුෆියන් මුකීම් හා අභිෂේක් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වන අයුරු දැක ගත හැකි වුණා. (වීඩියෝ දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...