පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ දී පදක්කම් 4ක් දිනූ චන්නට විශේෂ උපහාර උත්සවයක්

Date:

2024 පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ දී පදක්කම් 4 ක් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ චන්න රාජපක්ෂට උපහාර දැක්වීමේ උත්සවයක් කෑගල්ලේ දී පැවැත්වුණා.

දකුණු අප්‍රිකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ දී ඔහු කිලෝ ග්‍රෑම් 66 බර පංතියෙන් තරග වැදුණු අතර, එහිදී රන් පදක්කම් 3 ක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට චන්න රාජපක්ෂට හැකි වුණා.

ඒ අනුව ඔහුට උපහාර දැක්වීමේ උත්සවයක් ඔහු අධ්‍යාපනය ලැබූ කෑගල්ල දුනුකේවල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් විසින් සංවිධාන කර තිබුණා.

කෑගල්ල හිරිවඩුන්න මන්සන්ධයේ සිට රථ පෙළපාලියකින් ඔහුව කෑගල්ල දුනුකේවල මහා විද්‍යාලයට කැදවාගෙන පැමිණි අතර, ඉන් අනතුරුවයි උපහාර උත්සවය පැවැත්වුණේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ සවි එසවීමේ ක්‍රීඩා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 66 බර පංතියේ ජාතික ශූරයා වන්නේ ද චන්න රාජපක්ෂයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...