සජිඩ් ඛාන් හා නෝමන් අලී දවා ගත් කඩුලු 20 හමුවේ පාකිස්තානයට 2021 වසරනේ පසුව මව්බිමේ දී ටෙස්ට් ජයක්

Date:

2021 වසරෙන් පසුව පළමු වරට සිය රටේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, මුල්තාන්හී දී එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 152 ක ජයක් වාර්තා කරමින්. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලිය ද තරග 1-1 ක් ලෙස මේ වන විට සම තත්ත්වයට පත්ව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයේ දී එංගලන්ත කණ්ඩායමේ දැවී ගිය කඩුලු විස්සම දවා ගත්තේ සජිඩ් ඛාන් හා නෝමන් අලී විසින් වීම ද විශේෂත්වයක්. මෙලෙස පන්දු යවන්නන් දෙදෙනෙකු විසින් ටෙස්ට් තරගයකදී කඩුලු විස්සම දවා ගත් සිදු වීමක් වාර්තා වූයේ 1972 වසරෙන් පසුව පළමු වරටයි.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 297 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 36 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 144 ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 37 ක් හා බ්‍රයිඩන් කර්ස් ලකුණු 27 ක් ලබා ගත්තා. ඔලී පෝප් ලකුණු 22 යි.

පන්දු යැවීමේ දී නෝමන් අලී කඩුලු 8ක් දවා ගත්තේ ලකුණු 46 ක් ලබා දෙමින්. සජිඩ් ඛාන් කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 366 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 291 ක් පමණයි.

එහිදී සජීඩ් ඛාන් ලකුණු 111 කට කඩුලු 7 ක් හා නෝමන් අලී ලකුණු 101 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පාකිස්තානය දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 221 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...