Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 ක්

Date:

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු (Draft) ඊයේ (17) රාත්‍රියේ සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් සිය කණ්ඩායම්වලට මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කිරීම විශේෂත්වයක්.

කණ්ඩායම් විසින් සංචිතයේ රදවා ගත් හා සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පසුගියදා නිවේදනය කර තිබූ අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත්ව සිටියා.

ඊයේ රාත්‍රියේදී කණ්ඩායම් විසින් මිලදී ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 15 ක්. ඒ අනුව තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය සදහා මෙවර කණ්ඩායම් 10 ක් ක්‍රීඩා කරන අතර, Morrisville Samp Army හා Northern Warriors කණ්ඩායම් සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ.

2024 Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  • Bolts Ajman – ශෙවෝන් ඩැනියල්, දුනිත් වෙල්ලාලගේ, ශෙහාන් ජයසූරිය (වත්මන් ඇමෙරිකානු ක්‍රීඩක)
  • Bangla Tigers – දසුන් ශානක (රදවා ගත්), රවිදු රත්නායක
  • Deccan Gladiators – මහීෂ් තීක්ෂණ (රදවා ගත්), මල්ෂ තරුපති
  • Chennai Brave Jaguars – භානුක රාජපක්ෂ (රදවා ගත්), නුවන් තුෂාර (සෘජුව ගිවිසුම්ගත වූ), තිසර පෙරේරා (සෘජුව ගිවිසුම්ගත වූ), අකිල ධනංජය, ගරුක සන්කෙත්,කවිදු නදීෂාන්
  • Delhi Bulls – වනිදු හසරංග (සෘජුව ගිවිසුම්ගත වූ), කසුන් රාජිත්, පවන් රත්නායක
  • New York Strikers – මතීෂ පතිරණ (සෘජුව ගිවිසුම්ගත වූ), කුසල් පෙරේරා, දුමිදු සෙව්මින
  • Team Abu Dhabi – ඇන්ජෙලෝ මැතිව්ස්, මුදිත ලක්ෂාන්
  • UP Nawabs – බිනුර ප්‍රනාන්දු

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...