විරෝධතා හමුවේ ශකිබ් ඩුබායි නුවර හිර වෙයි – සමු ගැනීමේ තරගයත් අහිමි වන ලකුණු

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම සදහා තමන් ඩකා නුවරට පැමිණීම අවිනිශ්චිත බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පවසනවා. ඒ, ඩකා නුවර දී ඔහුට එරෙහිව පැවැත්වෙන විරෝධතා හේතුවෙන්.

පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට ශකිබ් ඇතුළත් කෙරුණු අතර, ඒ අනුව එය ඔහු ක්‍රීඩා කරන සිය අවසන් ටෙස්ට් තරගය වීමට නියමිතව තිබෙනවා.

“මම ඊළඟට යන්නේ කොහේදැයි මට විශ්වාස නැහැ, නමුත් මම ගෙදර නොයන බව බොහෝ දුරට විශ්වාසයි.” යනුවෙන් ශකිබ් ඩුබායි නුවර සිට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සදහන් කර තිබෙනවා.

බංග්ලාදේශයේ ආණ්ඩු බලය හොඹවනු ලැබූ අවාමි ලීගයට සම්බන්ධ ප්‍රබලයින් රැසක් අත්අඩංගුවට ගැනීමත් (ශකිබ් ද එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියා), එරට පැවැති ආණ්ඩුවට එරෙහි විරෝධතා අතරතුර සිදු වූ ඝාතනයකට අදාළව ශකිබ් ද සැකකරුවෙකු ලෙස නම් කර තිබීමත් පදනම් කර ගනිමින් තමන්ට බංග්ලාදේශයට පැමිණීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ශකිබ් මීට පෙර පෙන්වා දී තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට සහතිකයක් ලබා දිය නොහැකි බවයි. නමුත්, ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවනු ඇති බව එරට අන්තර් කාලීන ආණ්ඩුව පසුව පවසා තිබුණා.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ද අනුමැතියට යටත්වයි ඔහුව බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට නම් කෙරුණේ.

ඔහු තවමත් බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින බවත්, ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දීමක් සිදු කර නොමැති බවත් තේරීම් කමිටු ප්‍රධානී Gazi Ashraf Hossain සදහන් කළා.

මේ වන විට ශකිබ්ට එරෙහිව විරෝධතා දක්වන්නන් එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ඔහුට එරෙහිව ක්‍රීඩාංගනයේ දී ද ඉදිරියේ දී විරෝධතා දැක්වීමට කටයුතු කරන බවයි.

ශකිබ් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සිට බංග්ලාදේශය බලා පැමිණෙමින් සිටි නමුත්, ඔහු මේ වන විට ඩුබායි නුවර රැදී සිටින බවත්, ඔහුට ඩකා නුවරට නොපැමිණෙන ලෙසට දැනුම් දීමක් සිදු කෙරුණු බවත් සදහන්.

යෞවන හා ක්‍රීඩා උපදේශක Asif Mahmud විසින් AFP පුවත් සේවය වෙත පවසා ඇත්තේ බංග්ලාදේශයට නොපැමිණෙන ලෙසට තමන් විසින් ශකිබ්ට උපදෙස් දුන් බවයි. ඇති විය හැකි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් තමන් එම උපදෙස ලබා දුන් බව ඔහු පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...