ඩකට්ගේ ශතකය අභිබවා තරගයේ වැඩි පාලනය පාකිස්තානයට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(16) නිමා වුණේ තරගයේ වැඩි පාලනය පාකිස්තානයට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 239 ක් ලබා සිටියා. ඒ, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 366 ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 127 ක්.

එංගලන්ත ඉනිම වෙනුවෙන් බෙන් ඩකට් ලකුණු 114 (129) ක් ලබා ගත්තේ හතරේ පහර 16 ක් සමගින්. ජෝ රූට් ලකුණු 34 ක්, ඔලී පෝප් ලකුණු 29 ක් හා සැක් ක්‍රව්ලි ලකුණු 27 ක් රැස් කළා.

හැරී බෘෘක් ලකුණු 9ක් ලබා සිටියදී හා නායක බෙන් ස්ටොක්ස් එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා. ජෙමී ස්මිත් නොදැවී ලකුණු 12 ක් හා බ්‍රයිඩන් කර්ස් නොදැවී ලකුණු 2 ක් ලබා කඩුල්ලේ සිටිනවා.

පන්දු යැවීමේ දී සජීඩ් ඛාන් ලකුණු 86 කට කඩුලු 4 ක් දවා ගත් අතර, නෝමන් අලී ලකුණු 75 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

මුල්තාන්හි පැවැත්වෙන තරගය අද දිනයට තරගය ආරම්භ විට පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 259 ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස මොහමඩ් රිස්වාන් ලකුණු 41 කට දැවී ගිය අතර, සල්මන් ආගා ලකුණු 31 ක් රැස් කළා.

ආමිර් ජමාල් ලකුණු 37 ක් හා නෝමන් අලී ලකුණු 32 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළා. මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ කම්රන් ගුලාම් ඊයේ දිනයේ දී ලකුණු 114 ක් රැස් කළ අතර, සයිම් අයුබ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 77 ක්. පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 4 ක් හා බ්‍රයිඩන් කර්ස් කඩුලු 3 ක් බිද හෙලුවා. මැතිව් පොට්ස් දවා ගත් කඩුලු ගණන දෙකක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...