තරංගගේ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක් පනවයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් පසුගිය 8 වැනිදා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, උපුල් තරංග විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයා සහ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන්ටද තවත් නියෝගයක් නිකුත් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතලේ මහාධිකරණය වරෙන්තු නිකුත් කළේ තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පසුගිය මාර්තු මාසයේ පැවැති Legends Cricket Trophy තරගාවලියේ දී මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග විසින් ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

ඒ අනුව එම නඩුව පසුගිය 8 වැනිදා මාතලේ මහාධිකරණයේ දී කැද වූ නමුත්, එහිදී අනාවරණය වූයේ උපුල් තරංග අධිකරණයට දැනුම්දීමකින් තොරව විදෙස් ගත වී සිටින බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීම සදහායි ඔහු එලෙස විදෙස් ගතව තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...