Lanka T10 Super League : ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹේ – තරගාවලිය දෙසැම්බර් මාසයේ දී

Date:

පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත බවයි.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන විදෙස් හා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට අද(15) පස්වරු 6:00 සිට www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය හැකියි. ඔක්තෝබර් 23 වැනිදා පස්වරු 6:00 ට ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වනවා.

තරගාවලියට කණ්ඩායම් හයක් ක්‍රීඩා කරන බවත්, එක් සංචිතයකට ක්‍රීඩකයින් 17 දෙනෙකු උපරිම වශයෙන් ඇතුළත් කර ගත හැකි බවත් ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා. එම ක්‍රීඩකයින් අතරට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු ද ඇතුළත් කර ගත හැකියි.

T Ten Sports Management FZC, T TEN Global Sports FZE හා Innovative Production Group FZE විසින් තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...