BPL Draft : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක් ගිවිසුම්ගත වෙයි – මැතිව්ස්, ශකිබ් හා ශොරිෆුල් එකම කණ්ඩායමේ

Date:

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු හෙවත් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Draft) අද(14) සිදු කෙරුණා.

Comilla Victorians, Durdanto Dhaka හා Chattogram Challengers යන කණ්ඩායම් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ අතර, ඒ අනුව නව කණ්ඩායම් 3ක් තරගාවලියට එක් කිරීමටයි පියවර ගැනුණේ.

එම කණ්ඩායම් 3 වන්නේ, Dhaka Capitals, Durbar Rajshahi හා Chittagong Kings යන කණ්ඩායම් තුනයි. Fortune Barishal, Sylhet Strikers, Khulna Tigers, හා Rangpur Riders යන කණ්ඩායම් සුපුරුදු පරිදි එළඹෙන BPL තරගාවලියට ද ක්‍රීඩා කරනවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් වීමෙන් පසුව මේ වන විට මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 5 ක්.

එහිදී විශේෂත්වය වන්නේ ‘Timed Out’ ක්‍රමවේදය ඔස්සේ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇන්ජෙලෝ මැතිව්ස්ව දවා ගැනීමට මුල් වූ ශකිබ් අල් හසාන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ දී පළමුව ‘Timed Out’ සැමරුම් ක්‍රමවේදයෙන් කඩුල්ලක් සැමරූ ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින් තිදෙනාම චිතගොං කිංග්ස් සංචිතයට ඇතුළත්ව සිටීමයි.

BPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  • Durbar Rajshahi – ලහිරු සමරකෝන්
  • Dhaka Capitals – තිසර පෙරේරා
  • Fortune Barisal – පැතුම් නිස්සංක
  • Chittagong Kings – බිනුර ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...