නාරායන්ගේ පන්දු යැවීම නීත්‍යානුකූල බව තහවුරු කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි බව අයි.පී.එල් සැකසහිත පන්දු යැවීමේ ඉරියව් කමිටුව විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ නම සැකසහිත පන්දු යැවීමේ ඉරියව් සහිත පන්දු යවන්නන්ගේ අනතුරු ඇගවීමේ ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි අයි.පී.එල් තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම අතර පසුගිය 10 වැනිදා පැවැති මෙවර තරගාවලියේ 24 වන තරගයෙන් අනතුරුව සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට විනිසුරුවන් විසින් චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, එය අනතුරු ඇගවීමක් ලෙස පමණක් සලකනු ලබන බවයි තරගාවලි සංවිධායකයින් එදින නිවේදනය කළේ.

ඒ අනුව ඔහුට තවදුරටත් පන්දු යැවීමේ හැකියාව පැවැති නමුත්, එම තරගයෙන් පසුව සුනිල් නාරායන් කිසිදු තරගයකට ක්‍රීඩා කළේ නැහැ.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට මෙවර තරගාවලියේ දී යළිත් වරක් චෝදනා එල්ල වුවහොත් සුනිල් නාරායන්ට පන්දු යැවීම තහනම් කිරීමට සංවිධායකයින් තීරණය කරන බැවින්.

අනතුරුව කොල්කටා කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් තරගාවලි සංවිධායකයින්ගෙන් කළ ඉල්ලීමකට අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට අදාළ දර්ශන නැරඹීමෙන් පසුව අයි.පී.එල් සැකසහිත පන්දු යැවීමේ ඉරියව් කමිටුව තීරණය කර ඇත්තේ සුනිල් නාරායන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...