බුම්රාගේ උප නායකත්වයෙන් ඉන්දීය ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ ජස්ප්‍රිට් බුම්රා.

ආබාධයකින් තවමත් සුවය ලබමින් සිටින බැවින් මොහමඩ් ෂාමිට මෙම තරගාවලිය ද අහිමි වී තිබෙනවා. ඔහු 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු මෙතෙක් ඉන්දියාව වෙනුවෙන් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටි යශ් දයාල්ට නවසීලන්තයට එරෙහි තරගාවලිය අහිමි වී තිබෙනවා.

හර්ෂිත් රානා, මයාන්ක් යාදව්, ප්‍රසිද් ක්‍රිෂ්නා හා නිටිෂ් රෙදී අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය බැංගලූරුහී දී ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය සංචිතය –

Rohit Sharma (C), Jasprit Bumrah (VC), Yashasvi Jaiswal, Shubman Gill, Virat Kohli, KL Rahul, Sarfaraz Khan, Rishabh Pant (WK), Dhruv Jurel (WK), Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Kuldeep Yadav, Mohd. Siraj, Akash Deep

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...