අලීම් ඩාර් සමග පාකිස්තාන තේරීම් කමිටුවට නව සාමාජිකයින් තිදෙනෙක්

Date:

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවට යළිත් වරක් නව සාමාජිකයින් තිදෙනෙකු පත් කර තිබෙනවා.

එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීමෙන් අනතුරුවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේ.

ඒ අනුව විනිසුරුවරයෙකු ලෙස සිය වෘත්තීය දිවියට සමු දීමට සූදානම් වන අලීම් ඩාර්, ආකිබ් ජාවෙඩ් හා අසාර් අලී සත් සාමාජික තේරීම් කමිටුවේ නව සාමාජිකයින් ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අසාද් ශෆික්, දත්ත විශ්ලේෂක හසාන් චීමා, නායකයා හා ප්‍රධාන පුහුණුකරු ද තේරීම් කමිටුව නියෝජනය කරනු ලබනවා.

මොහමඩ් යුෆුස් තේරීම් කමිටුවෙන් ඉවත් වී දින 10 ක පමණ කාලයක් ගතව ඇති පසුබිමකයි නව සාමාජිකයින් නම් කිරීම සිදු කර ඇත්තේ.

තේරීම් කමිටුවට ප්‍රධානීවරයෙකු නම් කර නැහැ. 2021 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලයේ දී පාකිස්තානය සිය තේරීම් කමිටුවට සාමාජිකයින් 26 දෙනෙකු පත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...