මාස 44 ක පරාජ රැල්ල තවත් දිගු වන ලකුණු – පාකිස්තානය ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

මාස 44 කට පසු සිය රටේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමේ පාකිස්තාන බලාපොරොත්තු තවදුරටත් සිහිනයක්ම කරමින් එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ද පාකිස්තානය මේ වන විට ඉනිමක පරාජයක් අභියසටම ඇද වැටී තිබෙනවා.

මුල්තාන්හි පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අද(10) නිමා වුණේ පාකිස්තානය ඉනිමක පරාජයෙන් ගැලවීමට කඩුලු 4 ක් අතැතිව තවත් ලකුණු 115 ක් පිටුපසින් රැදී සිටිමින්. පාකිස්තානය සිය රටේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ජය ගෙන ඇත්තේ 2021 වසරේ පෙබරවාරි මාසයේදී වීම විශේෂත්වයක්.

අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 492 ක් ලබා සිටි අතර, ඔවුන් ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 7ක් දැවී ලකුණු 823 ක් ලබා සිටියදීයි. ඒ, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 556 ට පිළිතුරු ලෙසයි.

එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසයේ දී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එංගලන්ත කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද එයයි.

එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වූ ජෝ රූට් හා හැරී බෘෘක් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 454 (522) ක්. එය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 4 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු ඉහළම සම්බන්ධතාවය ලෙසයි ලෝක වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ.

ජෝ රූට් පන්දු 375 කින් ලකුණු 262 ක් ලබා ගත්තේ හතරේ පහර 17 ක් සමගින්. එය ඔහුගේ 6 වැනි ටෙස්ට් ද්විත්ව ශතකයයි. බෘෘක් පන්දු 322 කින් ලකුණු 317 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 29 ක් සමගින්.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් පන්දුවාර 31 කදී ලකුණු 157 කට කඩුලු දෙකක් හා සයීම් අයුබ් පන්දුවාර 14 කදී ලකුණු 101 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

දිනය නිමා වන විට පාකිස්තානය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියා. සල්මන් ආගා නොදැවී ලකුණු 41 ක් හා ආමිර් ජමාල් නොදැවී ලකුණු 27 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම අබ්දුල්ලාහ් ශෆික් දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් වුණා. නායක ශාන් මසූඩ් රැස් කළේ ලකුණු 11 ක් පමණයි. බාබර් අසාම් ලකුණු 5කට දැවී ගිය අතර, ආරම්භක පිතිකරු සයීම් අයුබ් ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 25 ක් ලබා සිටියදීයි. සවුද් ශකීල් ලකුණු 29 කටත්, මොහමඩ් රිස්වාන් ලකුණු 10කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් හා Brydon Carse කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, ක්‍රිස් වෝක්ස් හා ජැක් ලීච් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...