එංගලන්තයේ ප්‍රහාරය මැද උණ ගැණුනු අබ්‍රාර් අහ්මඩ් රෝහල්ගත කෙරේ

Date:

පාකිස්තාන පා දග පන්දු යවන ක්‍රීඩක අබ්‍රාර් අහ්මඩ් එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී ප්‍රතිකාර ලබා ගැනීම සදහා මුල්තාන් නුවර රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

තරගයේ සිව්වැනි දිනය අද වූ අතර, අධික උණ සහ ශරීරියේ වේදනාව හේතුවෙන් ඔහුව එලෙස අද පෙරවරුවේ දී රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

තරගයේ තෙවැනි දිනයේ දී අබ්‍රාර් අහ්මඩ් පන්දුවාර 31 ක් යොමු කර තිබුණා.

කෙසේ වෙතත්, රෝහල්ගත කිරීම හේතුවෙන් අද දිනයේ දී ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව පරීක්ෂණ රැසක් සදහා මුහුණ දුන් බවයි. වෛද්‍ය වාර්තා ලැබීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරන බව ද එරට ක්‍රිකට් ආයතනය කියා සිටියා.

මෙම ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේ දී අබ්‍රාර් අහ්මඩ් පන්දුවාර 35 ක් යොමු කළ අතර, එහිදී ඔහු ලකුණු 174 ක් ලබා දුන් නමුත්, කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 556 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 823 ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...