මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු නිර්දේශ කෙරේ

Date:

සැප්තැම්බර් මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව නිමා වූ ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද එම සම්මානයට නිර්දේශ කර තිබෙනවා.

මෙන්ඩිස් පසුගිය මාසයේ දී ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 451 ක් ලබා ගත්තේ ඉනිමක සාමාන්‍ය 90.20 ක් ලෙස සටහන් කර ගනිමින්.

නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලියේ තරග දෙක තුළ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 18 ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.

මේ අතර, මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.

  • Tammy Beaumont (England)
  • Aimee Maguire (Ireland)
  • Esha Oza (UAE)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...