ඉන්දීය ක්‍රීඩිකාවකටත් කොරෝනා – 20යි 20 තරගාවලියත් අහිමි වෙයි

Date:

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා මන්සි ජෝෂිට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව 27 හැවිරිදි ඇයට මෙවර අයි.පී.එල් තරගාවලියට සමගාමීව පැවැත්වීමට නියමිත කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලිය (Women’s T20 Challenge) සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් මේ වන විට මුම්බායි නුවරට පැමිණ සිටිය ද ඇය වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුම්බායි වෙත පැමිණ නැහැ.

මන්සි ජෝෂි වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති 26 හැවිරිදි මෙග්නා සිං Velocity කණ්ඩායමේ සංචිතය සදහා ආදේශ කරනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය අණාවරණය කළේ.

Women’s T20 Challenge තරගාවලිය නොවැම්බර් 4 වනදා සිට 9 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...