එංගලන්තයට ලකුණු 21 ක ජයක් ; ඉන්දු – පාකිස්තාන ගැටුම අද

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 118 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97 ක් පමණයි.

Sobhana Mostary ලකුණු 44 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී Linsey Smith හා Charlie Dean කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලකුණු 41 ක් ලබා ගත් Danni Wyatt-Hodge.

පන්දු යැවීමේ දී Nahida Akter, Fahima Khatun හා Ritu Moni කඩුලු 2 බැගින් දවා ගත්තා.

මේ අතර, තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරග අද(6) පැවැත්වෙනවා. දිනයේ පළමු තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර ඩුබායි හී දී ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 3:30 ටයි.

තරගාවලියේ 8 වැනි තරගය ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ඩුබායිහීදී ම රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...