ස්ටොක්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි – වසර දෙකක කොන්ත්‍රාත්තුවකටත් ස්ටොක්ස් එකග වෙයි

Date:

පාකිස්තානය සමග එළඹෙන 7 වැනිදා මුල්තාන් හී දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත නායක බෙන් ස්ටොක්ස්ට අහිමි වී තිබෙනවා.

පාදයක ආබාධකට ලක්ව සුවය ලබමින් සිටින ඔහු අගෝස්තු මුල සිට මේ දක්වා කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ද එංගලන්තය මෙහෙය වූ ඔලී පෝප් පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ද එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

වේග පන්දු යවන ක්‍රීඩක Brydon Carse පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

England XI: Zak Crawley, Ben Duckett, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Brydon Carse, Jack Leach, Shoaib Bashir

මේ අතර, 33 හැවිරිදි බෙන් ස්ටොක්ස් එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග වසර දෙකක කාලයක් සදහා වලංගු මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කිරීමට එකගතාවය පල කර තිබෙනවා.

පසුගිය වසරේ දී ස්ටොක්ස්ට වසර තුනක කොන්ත්‍රාත් ගිවිසුමක් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී ස්ටොක්ස් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඔහු අත්සන් කළේ මාස 12 ක කාලයකට වලංගු කොන්ත්‍රාත් ගිවිසුමක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...