හෝමාගම ක්‍රීඩාංගනයට එරෙහි විවේචනවලට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු

Date:

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අදාළ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට ප්‍රතිචාර ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා වැය වන සියලු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආයෝජනය කරන බව ද එම නිවේදනයේ සදහන්.

ක්‍රීඩාව සදහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් නාගරික පරිසරයක් තුළ විශාල ජනතාවකට නැරඹිය හැකි, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය පැන නැගී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

අයි.සී.සී ලෝක මට්ටමේ තරගාවලියන්හි සත්කාරකත්වය ලබා ගැනීමටනම් අවම වශයෙන් ප්‍රේක්ෂකයින් 25,000ත් 40,000ත් අතර පිරිසකට තරග නැරඹිය හැකි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන පහක්වත් රට තුළ පැවතිය යුතු බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.

එවැනි ජාත්‍යන්තර තරගාවලි සංවිධාන කිරීම තුළින් රටට විශාල වශයෙන් මුදල් ගලා එනු ඇති.

2023 – 2031 වසර දක්වා වන කාලයේ දී ප්‍රධාන අයි.සී.සී තරගාවලි ද්විත්වයකට සත්කාරකත්වය දැරීමට ද ශ්‍රී ලංකාව සූදානමින් පසුවනවා.

ඒ අනුව සියලු අංශ සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතියේ මෙහෙයුම් පැතිකඩ සහ එහි මූල්‍ය ශක්‍යතාවය පිළිබද සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමෙන් අනතුරුව එකම ආයෝජකයා ලෙස මේ සදහා ආයෝජනය ඉදිරියට සිදු කරන්නේ කෙසේ දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය තීරණය කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.

හෝමාගම ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සදහා මූල්‍යමය ගැටලුවක් ඇති නොවන බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය සදහන්.

ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනය –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...