Lunch Report : දිමුත්-චන්දිමාල් ශතක සම්බන්ධය හමුවේ ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ධනංජය ද සිල්වා මෙලෙස කාසියේ වාසිය ජය ගත්තේ අඛණ්ඩව 6 වැනි වරට වීම ද විශේෂත්වයක්.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 102 ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක එක් ලකුණක් ලබා සිටියදී පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් මේ වන විට දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 100 (186) ක සම්බන්ධතාවයක් ගොඩ නගා තිබෙනවා.

දිමුත් නොදැවී ලකුණු 40 ක් හා චන්දිමාල් නොදැවී ලකුණු 60 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. චන්දිමාල් අද රැස් කළේ සිය 30 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව රමේෂ් මෙන්ඩිස් හා ලහිරු කුමාර කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් හා මිලාන් රත්නායකයි. නිශාන් පීරිස් ක්‍රීඩා කරන මංගල ටෙස්ට් තරගය මෙයයි.

නවසීලන්තය මෙම තරගය වෙනුවෙන් කිසිදු වෙනසක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...