දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව හෙට ගාල්ලේ දී ආරම්භ වන තරගයේ දී දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහුට අමතරව වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ ලහිරු කුමාර හා රමේෂ් මෙන්ඩිස්.

පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම –

1. DIMUTH KARUNARATNE
2. PATHUM NISSANKA
3. DINESH CHANDIMAL
4. ANGELO MATHEWS
5. KAMINDU MENDIS
6. DHANANJAYA DE SILVA (CAPT)
7. KUSAL MENDIS
8. NISHAN PEIRIS
9. PRABATH JAYASURIYA
10. MILAN RATHNAYAKE
11. ASITHA FERNANDO

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...