Day 4 Report : ශ්‍රී ලංකාව ජයග්‍රහනයට කඩුලු දෙකක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(22) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 207 ක්. ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 68 ක් ලබා ගත යුතු අතර, තරගය ජය ගැනීමටනම් ශ්‍රී ලංකාව දවා ගත යුතු කඩුලු ගණන දෙකක්.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 237 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 309 ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු පහ ලකුණු 23 ක් තුළ දැවී යාම කැපී පෙනුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 61 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 50 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 40 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 23 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී අජාස් පටෙල් ලකුණු 90 කට කඩුලු හයක් දවා ගත් අතර, විලියම් ඕරෝක් කඩුලු 3 ක් බිද හෙලුවා.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙමින් සිටින රචින් රවීන්ද්‍ර ලකුණු 91 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කේන් විලියම්සන් හා ටොම් බ්ලන්ඩල් ලකුණු 30 බැගින් ලබා සිටියදී දැවී ගියා. ටොම් ලේතම් ලකුණු 28 යි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 305 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 340 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...