මහේල අසුනින් නැගිට අත්පොලසන් දුන් යාදෙව්ගේ විශිෂ්ඨ උඩපන්දු රැකගැනීම

Date:

2020 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් නැරඹීමේ අවස්ථාව රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙමින් මෙවර තරගාවලියේ 32 වන තරගය ඊයේ (16) අබුඩාබී ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වුණේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමට කඩුලු 8 ක පහසු ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

ඕයින් මෝර්ගන්ගේ නායකත්වය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ ප්‍රථම තරගය බවට මෙම තරගය පත්වුව ද එය ජයග්‍රහණයකින් නිම කිරීමට ඔහු සාර්ථක වූයේ නැහැ.

කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කොල්කටා පිලට සාර්ථක ආරම්භක් ලබා ගැනීමට මුම්බායි පන්දුයවන්නන් ඉඩ ලබා නොදුන් අතර, ලකුණු 61 ක් ව තිබියදී පිතිකරුවන් පස් දෙනෙකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා.

පසුව හයවන කඩුල්ලට පිටියේ එකතු වූ නායක ඕයීන් මෝගන් සහ පැට් කමින්ස් ගොඩනැගූ නොබිදුණු සබදතාව ලකුණු 87 ක්.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ පැට් කමින්ස් සිය මංගල විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කරමින් පන්දු 36 කදී ලකුණු 53 ක් ලබාගත්තේ හයේ පහරවල් දෙකකින් හා හතරේ පහරවල් පහකින් ඉනිම වර්ණවත් කරමින්.

නායක ඕයීන් මෝගන් පන්දු 29 කදී නොදැවී ලකුනු 39 යි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කොල්කටා කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 148 ක්.

පන්දු යැවීමෙදී රාහුල් චහාර් කඩුලු දෙකක් බිඳ හෙලූ අතර ජස්ප්‍රිට් බුම්රා, නේතන් කෝලට-නයිල් හා ට්‍රෙන්ට් බෝල්ට් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.‍

ලකුණු 149 ක ජයග්‍රහාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 19 ක් ඉතිරිව තිබිය දී කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කල ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් පන්දු 44 කදී නොදැවී ලකුණු 78 ක් වාර්තා කිරීමට සමත් වුණා.

හර්ඩික් පාන්ඩ්යා පන්දු 11 ක දී නොදැවී ලකුණු 21 ක් රැස්කල අතර රෝහිට් ශර්මා ලකුනු 35 ක් රැස් කළා.

පන්දු යැවීමෙදී වරුන් චක්‍රවර්තී හා සිවම් මාවී අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම තරගයේදී කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු රාහුල් ත්‍රිපාතී දවා ගැනීම සදහා ට්‍රෙන්ට් බෝල්ට් යොමු කල පන්දුවකට සූර්යකුමාර් යාදේව් විසින් රැක ගත් විශිෂ්ඨ අන්දමේ උඩ පන්දුව පිළිබද වැඩි දෙනෙකුගේ කතා බහට ලක්වුණා.

එම අනර්ඝ උඩ පන්දු රැකගැනීම වෙනුවෙන් මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පවා සිය අසුනින් නැගිට අත්පොලසන් එක් කිරීම කැපී පෙනන සිදුවීමක්.

ඊට අදාළ දර්ශන නැරඹීම සදහා මෙතන කලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...