විලියම්ගේ කඩුලු පහ හා ලේතම්ගේ 70 හමුවේ නවසීලන්තය සටනට අවතීර්ණ වෙයි

Date:

William O’Rourke දවා ගත් කඩුලු පහ මෙන්ම ටොම් ලේතම් හා කේන් විලියම්සන් වාර්තා කළ අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද(19) සමත් වුණා.

දිනය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 255 ක්.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය අද ආරම්භ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටි නමුත්, ශ්‍රී ලංකා ඉනිමේ සියලු දෙනා ලකුණු 305 කට දැවී ගියා.

8 වැනි කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු බින්දුවකටත්, 9 වැනි කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 14කටත්, 10 වැනි කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු ලකුණු බින්දුවකටත් දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 114 ක් රැස් කළ කමිදු මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවීමේ දී William O’Rourke කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 55 ක් ලබා දෙමින්.

පිළිතුරු නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ටොම් ලේතම් හා ඩෙවෝන් කොන්වේ සමත් වුණා. කොන්වේ ලකුණු 17 කට දැවී ගිය අතර, ලේතම් ලකුණු 70 ක් රැස් කළා.

කේන් විලියම්සන් ලකුණු 55 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 39 ක් ලබා ගත්තා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඩැරල් මිචෙල් ලකුණු 41 ක් හා ටොම් බ්ලන්ඩල් ලකුණු 18 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු දෙකක් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා. (දර්ශන පහතින්)

ඒ අනුව නවසීලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 50 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...