උමාර් ගුල් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබෙනවා.

ඒ, පාකිස්තාන ජාතික 20යි 20 කුසලානයේ දී ඔහු නියෝජනය කළ කණ්ඩායමට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වීමත් සමගයි.

36 හැවිරිදි උමාර් ගුල් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 47කට, එක්දින තරග 130කට සහ 20යි 20 තරග 60කට ක්‍රීඩා කර තිබුණා.

2003 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් ඔහු ටෙස්ට් කඩුලු 163ක්, එක්දින කඩුලු 179ක් සහ 20යි 20 කඩුලු 85ක් බිද හෙලනු ලැබුවා.

උමාර් ගුල් අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2016 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...