මැතිව්ස්ගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද(18) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිතිකරණයේ නිරතව සිටියදී ආබාධයකට ලක් වූ මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 88 ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටියදී මැතිව්ස් ආබාධයකට ලක් වුණේ William O’Rourke යොමු කළ පන්දුවක් සිය දකුණු අතේ ඇගිල්ලක වැදීම හේතුවෙන්.

ලකුණු 33 දී දෙවැනි කඩුල්ල දැවී යාමෙන් අනතුරුව තෙවැනි කඩුල්ල සදහා දිනේෂ් චන්දිමාල් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 36* (109) ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, පන්දුවක් ඇගිල්ලක වැදීමෙන් සිදු වූ ආබාධය නිසා මැතිව්ස් පිටියෙන් ඉවත්ව යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12(55)* ක්.

ඔහු ඉනිමේ 22 වැනි පන්දුවාරයේ දී එම ආබාධයට මුහුණ දුන් නමුත්, පිටියෙන් ඉවත් වීමට තීරණය කළේ 24 වැනි පන්දුවාරය අවසන් වීමෙන් පසුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය බරපතල තත්ත්වයක නොමැති බවට අනාවරණය වී ඇති බවයි.

ඔහුගේ ඇගිල්ලෙහි අස්ථි බිඳීමක් සිදුව නොමැති බවත්, සුළු ඉදිමීමක් පමණක් සිදුව ඇති බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව ඔහු ඉදිරියේ දී යළි පිතිකරණයේ නිරත වීමට සූදානමින් සිටින බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...