කිසිදු තරගයක් ක්‍රීඩා නොකර ලෝක ශූරයින් වූ 10 දෙනා අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුත්

Date:

ලෝක ශුරතාවයක් දිනා ගැනීම ඕනෑම ක්‍රීඩාවක ක්‍රීඩකයෙකුට සිහිනයක්.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ද මෙහි වෙනසක් නැහැ.

කණ්ඩායම් ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවේ 20යි 20 සහ එක්දින යනුවෙන් ලෝක කුසලාන තරගාවලි ද්විත්වයක් සංවිධාන වුවත්, ලෝක කුසලාන තරගාවලියක් ලෙස ප්‍රධාන ලෙස සලකනු ලබන්නේ 1975 වසරේ සිට වසර 4කට වරක් (1992 සහ 1999 හැර) පවත්වන එක්දින ලෝක කුසලානයයි.

එක්දින ලෝක ශූරතාවයක් දිනා ගැනීම සෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේම සිහිනයක් බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ.

ලෝක කුසලානයක් ජය ගැනීමටනම් ඒ ඒ තරග සදහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනාට තරග රැසකට ක්‍රීඩා කරමින් ඉහළ දක්ෂතා දැක් වීමට සිදු වනවා.

එවැනි දක්ෂතා දක්වමින් ලෝක ශූරතාවයක පහස විද ගත් ක්‍රීඩකයින් රැසක් අතරින් ලෝක කුසලාන තරගාවලියේ කිසිදු තරගයක් ක්‍රීඩා නොකර ලෝක ශූරතාවයේ පහස විද ගැනීමට සමත් වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේ දී දැක ගත හැකියි.

එවැනි ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ ලැයිස්තුවක් අද අප ඔබට ගෙන එන අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අයත්ව සිටීම විශේෂත්වයක්.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ක්‍රිකට් පිටියේ නම් දැරූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද මෙම ලැයිස්තුවට ඇතුළත් වීමයි.

එම ක්‍රීඩකයින් 10 දෙනා පහතින් –

Collis King (1975), Sunil Walson (1983), Upul Chandana (1996), Marvan Atapattu (1996), Nathan Hauritz (2003), Nathan Bracken (2003), Mitchell Johnson (2007),  Brad Haddin (2007), Tom Curran (2019), Liam Dawson (2019)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...