ශෝර්ට්ගේ කඩුලු 5 අපතේ යයි – ලිවින්ග්ස්ටන්ගේ තුන් ඉරියව් දක්ෂතා එංගලන්තයට ජය ගෙනෙයි

Date:

මැතිව් ශෝර්ට්ගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් ලියම් ලිවින්ග්ස්ටන්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කාර්ඩිෆ්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ඉනිම නිමා වීමට පන්දුවාරයක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිමට තර්ජනයක් එල්ල කරමින් ලිවින්ග්ස්ටන් ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත් අතර, පිතිකරණයේ දී එංගලන්තය වෙනුවෙන් ඔහු පන්දු 47 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 87 ක්. හයේ පහර 5 ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මෙය ලිවින්ග්ස්ටන් ක්‍රීඩා කළ සිය 50 වැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී මැතිව් ශෝර්ට් ලකුණු 22 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිම වෙනුවෙන් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් පන්දු 31 කින් ලකුණු 50 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

ලිවින්ග්ස්ටන්ගේ හයේ පහර පහ පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...