ඉසිතගේ කඩුලු 7 හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායම විශිෂ්ඨ ජයක් අභියස

Date:

ඉසිත විජේසුන්දරගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(10) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද ඉහළ බලාපොරොත්තු ශ්‍රී ලංකා A කණ්ඩායමට උරුම කර දෙමින්.

Kimberley හී දී පැවැත්වෙන තරගය අද දිනයට නිමා කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටියා. ලහිරු උදාර ලකුණු 26 කට දැවී ගියා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා A කණ්ඩායම තවත් ලකුණු 140 ක් ලබා ගත යුතුයි.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 323 ක්.  ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා A කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 372 ට පිළිතුරු ලෙසයි.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 122 ක් ලබා ගත් අතර, පසිදු සූරියබණ්ඩාර ලකුණු 61 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Beyers Swanepoel කඩුලු 4 ක් දවා ගත්තා.

අනතුරුව දකුණු අප්‍රිකා A දෙවැනි ඉනිම ලකුණු 124 කට සීමා කිරීමට ශ්‍රී ලංකා A පන්දු යවන්නන් සමත් වුණා.

Beyers Swanepoel නොදැවී ලකුණු 38 ක් ලබා ගත් අතර, සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉසිත විජේසුන්දර ලකුණු 34 කට කඩුලු 7 ක් දවා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...