ටෙස්ට් ජයෙන් පසු ජයසූරියට ක්‍රිකට් ආයතනයෙන් සේවා දිගුවක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියට එම ධූරයේ සේවා දිගුවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ද ඔහු වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඕවල් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී එංගලන්තය පරදා විශිෂ්ඨ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පසුබිමකයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කරනු ලැබුවේ ඉන්දීය කණ්ඩායමේ නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරය හා එංගලන්ත තරග සංචාරය සදහා පමණයි.

ඉන්දියාවට එරෙහිව වසර 27 කට පසුව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ද සනත් ජයසූරියගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකක් ඇතුළත් අතර, ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය සැප්තැම්බර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර, දෙවැනි තරගය සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...