Bazball ගහන එංගලන්තයට එංගලන්තයේදීම Bazball පෙන්නපු පැතුම් පිහිටු වූ වාර්තාව (Video)

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් එංගලන්තයට එරෙහිව අද(9) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාවට සුපිරි ජයක් හිමි කර දීමට සමත් වුණා.

පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලද පැතුම්, දෙවැනි තරගය සදහා ක්‍රීඩා කළ නමුත්, එම තරගයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක් වීමට සමත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 64 ක් රැස් කළ පැතුම් දෙවැනි ඉනිමේ දී නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 127 ක්.

පළමු ඉනිමේ දී ඔහු ලකුණු 64 වාර්තා කළේ පන්දු 51 කින්. දෙවැනි ඉනිමේ දී ලබා ගත් ලකුණු 127 සදහා පැතුම් වැය කළේ පන්දු 124 ක් පමණයි.

ඔහු මෙම ඉනිම් දෙකේ දී ම අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 50 ට අඩුවෙන් වීම විශේෂත්වයක්.

ටෙස්ට් ඉතිහාසයේ දී එලෙස එක් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ දී ම පන්දු 50 ට අඩුවෙන් අර්ධ ශතක වාර්තා කළ ලොව 9 වැනි පිතිකරුවා ලෙසයි පැතුම් ඉතිහාසගත වුණේ.

මීට පෙර 2009 වසරේ දී නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී තිලකරත්න ඩිල්ෂාන් විසින් ද මෙම දක්ෂතාවය දක්වා තිබුණා.

පැතුම් අද දිනයේ දී වාර්තා කළ ශතකයේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...