WTC : එංගලන්තය පරදා ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පියවර දෙකක් ඉදිරියට

Date:

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පියවර දෙකකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(9) සමත් වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව මේ වන විට එහි 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකාව තරග 7ක් ක්‍රීඩා කර ඉන් තරග 3 ක් ජය ගෙන ඇති අතර, ඔවුන්ට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 42.86% ක්.

මෙතෙක් 5 වැනි ස්ථානයේ පසු වූ එංගලන්තය 6 වැනි ස්ථානය දක්වාත්, 6 වැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව 7 වැනි ස්ථානය දක්වාත් පසුබැස තිබෙනවා.

එංගලන්තය තරග 16 කින් ජය ගෙන ඇති තරග ගණන 8 ක්. ඔවුන්ට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය සටහන් වන්නේ 42.19% ක් ලෙසයි.

තරග 9කින් තරග 6ක් ජය ගෙන ඇති ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...