ශ්‍රී ලංකාවට එරෙහිව රංගන හේරත්ට නවසීලන්තයෙන් ගිවිසුමක්

Date:

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබෙනවා.

ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කිරීමටයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යවන පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ පාකිස්තානයේ සක්ලයින් මුෂ්ටක් වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. ඒ, මුෂ්ටක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග දේශීය තරග වෙනුවෙන් උපදේශක තනතුරක් ලබා ගැනීමත් සමගයි.

රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93 කදී කඩුලු 433 ක් දවා ගැනීමට සමත් වූ අතර, මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ද දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෑතක් වන තුරුම කටයුතු කළා.

මේ අතර, ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු Vikram Rathour නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද පත් කර ඇතත්, ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පෙර ඇෆ්ඝනිස්තානය සමග ඉන්දියාවේ Greater Noida හී දී සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සදහා පමණක් ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...