ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත නායක ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා.
පාදයක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් 33 හැවිරිදි ඔහු 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මෙතෙක් කිසිදු තරගයක් ක්‍රීඩා කර නැහැ.
බට්ලර් ක්‍රීඩා නොකරන බැවින් ඔහු වෙනුවට විස්සයි 20 කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පළමු වරට පිල් සෝල්ට් හට පැවරී තිබෙනවා.
ආබාධය හේතුවෙන් ජොස් බට්ලර්ට ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5 කින් යුත් එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් පවතින අතර, එසේ වුවහොත් එම තරගාවලියේ දී හැරී බෘෘක් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ඉඩ තිබෙනවා.
විස්සයි 20 තරගාවලිය ලබන බදාදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වනවා. එක්දින තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 19 වැනිදායි.
England Men’s IT20 Squad
Phil Salt (Lancashire) – Captain
Jofra Archer (Sussex)
Jacob Bethell (Warwickshire)
Brydon Carse (Durham)
Jordan Cox (Essex)
Sam Curran (Surrey)
Josh Hull (Leicestershire)
Will Jacks (Surrey)
Liam Livingstone (Lancashire)
Saqib Mahmood (Lancashire)
Dan Mousley (Warwickshire)
Jamie Overton (Surrey)
Adil Rashid (Yorkshire)
Reece Topley (Surrey)
John Turner (Hampshire)
England Men’s ODI Squad
Jos Buttler (Lancashire) – Captain
Jofra Archer (Sussex)
Gus Atkinson (Surrey)
Jacob Bethell (Warwickshire)
Harry Brook (Yorkshire)
Brydon Carse (Durham)
Jordan Cox (Essex)
Ben Duckett (Nottinghamshire)
Josh Hull (Leicestershire)
Will Jacks (Surrey)
Matthew Potts (Durham)
Adil Rashid (Yorkshire)
Phil Salt (Lancashire)
Jamie Smith (Surrey)
Reece Topley (Surrey)
John Turner (Hampshire)

