Watch : ඩකට් දවා ගන්න නිශාන් හා මැතිව්ස් රැක ගත් උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(31).

ලෝඩ්ස් හී දී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් ලකුණු 24 කට දැවී ගියා.

මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේ ගලී හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා දෙසට උඩ පන්දුවක් ලබා දෙමිනුයි ඩකට් දැවී ගියේ. කෙසේ වෙතත්, ගලීහි පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්කට එය සුරක්ෂිතව රැක ගැනීමට නොහැකි වූ නමුත්, ඔහුගේ අතෙහි වැදී අදාළ උඩ පන්දුව දෙවැනි ස්ලිප්හි පන්දු රකිමින් සිටි ඇන්ජෙලෝ මැතිව්ස් අතට ඇදී ගියා.

අනතුරුව ඔලී පෝප් ලකුණු 17 කට දවා ගැනීමට සමත් වුණේ අසිත ප්‍රනාන්දු විසින්. ඒ, ප්‍රභාත් ජයසූරිය රැක ගත් උඩ පන්දුවක් හමුවේයි.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...