T20 ලෝක කුසලානය ගැන Star නාලිකාව අප්‍රසාදය පල කරයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අයි.සී.සී නිල රූපවාහිනී විකාශන ආයතනය වන Disney-Star ආයතනය විසින් ප්‍රශ්න කර තිබෙනවා.

ඔවුන් අයි.සී.සීයෙන් විමසා සිටින්නේ විකාශන අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සිදු කරන ලද විශාල ආයෝජනය සාධාරණීකරණය කරන තරගාවලියක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට හැකි වූයේ ද යන්න සම්බන්ධවයි.

අයි.සී.සීය හා Disney-Star ආයතනය අතර ඩොලර් බිලියන තුනක ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියත් සමගයි එය ආරම්භ වුණේ.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැති මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඇතැම් තරග දකුණු ආසියානු වේලාවෙන් පෙරවරු කාලයේ දී පැවැති අතර, පළමු අවසන් පූර්ව තරගය ද පැවැත්වුණේ පෙරවරු කාලයේ දී යි.

ඒ අනුව එය නරඹන්නන් ප්‍රමාණය පහත වැටීමට හේතු වූ බව Disney-Star ආයතනය පෙන්වා දෙනවා.

මේ අතර, නිව්යෝර්ක් නුවර Nassau County ක්‍රීඩාංගනය සදහා යොදා ගත් තණතීරු සම්බන්ධයෙන් ද Disney-Star ආයතනය සිය අසතුට ප්‍රකාශ කර තිබෙනවා.

පිතිකරුවන්ට කිසිදු සහායක් නොලැබෙන පරිදි එම ක්‍රීඩාංගනයේ තණතීරු නිර්මාණය කර තිබූ අතර, දකුණු අප්‍රිකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොදෙව් දූපත්හි පැවැති පළමු අවසන් පූර්ව තරගය සදහා ද යොදා ගෙන තිබුණේ පිතිකරුවන්ට යෝග්‍ය නොවන තණතීරුවක්. එම අවසන් පූර්ව තරගයේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 56 කට දැවී ගියා.

මීට අමතරව තරග කිහිපයක්ම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වීම ද බරපතල ගැටලුවක් බවට පත් වුණා.

මෙම කරුණු හේතුවෙන් Disney-Star ආයතනය විසින් ඩොලර් මිලියන 100 ක පමණ වට්ටමක් නිමා වූ ලෝක කුසලානයෙන් අපේක්ෂා කරන බව සදහන්.

ලෝක කුසලානයේ ඇමෙරිකානු අදියරෙන් අයි.සී.සීයට ඩොලර් මිලියන 20 ක පමණ අලාභයක් ද සිදුව තිබූ බව මීට පෙර වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විගණනයක් සිදු වෙමින් පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...