ශ්‍රී ලංකාව දරුණු පරාජයක් දෙසට ඇදදමමින් දෙවැනි දිනය නිම වෙයි

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(30) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ ශ්‍රී ලංකාව දරුණු පරාජයක් දෙසට ඇද දමමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 256 ක්.

ඩෑන් ලෝරන්ස් ලකුණු 7කට දැවී ගිය අතර, බෙන් ඩකට් නොදැවී ලකුණු 15 ක් හා ඔලී පෝප් නොදැවී ලකුණු 2 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 427 ක්.

ජෝ රූට් ලකුණු 143 ක් හා ගස් ඇට්කින්සන් ලකුණු 118 ක් ලබා ගනිමින් එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 5 ක් දවා ගත් අතර, මිලාන් රත්නායක හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 196 ක් පමණයි.

ලකුණු 87 ට කඩුලු හයක් දැවී ගිය පසුබිමක යළිත් පිත්තෙන් සාර්ථක වෙමින් ශ්‍රී ලංකාව යම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය කමිදු මෙන්ඩිස් ලකුණු 74 ක් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 23 කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, ඔලී ස්ටෝන් හා මැතිව් පොට්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මේ අතර, මෙම තරගයේ දී කමිදු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරකින් පසුව පන්දුව ප්‍රේක්ෂකාගාරයේ රැදී සිටි ප්‍රේක්ෂකයෙකුගේ හිසෙහි වැදීමෙන් අනතුරක් ද සිදු වුණා. (එහි දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...