ලකුණු 30 ක ජයකින් තරගාවලියේ ජය කොදෙව්වන්ට

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 30 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට (2-0) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

Tarouba හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 18 කින් ලකුණු 44 ක් ලබා ගත් අතර, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 28 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් හා ශමාර් ජෝසප් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් වෙනුවෙන් ෂේයි හෝප් ලකුණු 41(22) ක් රැස් කළ අතර, රොව්මන් පවෙල් ලකුණු 35 ක් හා ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලිසාද් විලියම්ස් ලකුණු 36 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...