1st Test : ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත කණ්ඩායමට වේග පන්දු යවන්නන් සිව් දෙනෙක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට(21) මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

නිත්‍ය නායක බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක මැතිව් පොට්ස් කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔලී පෝප් වැඩබලන නායකයා ලෙස කටයුතු කරන එංගලන්ත කණ්ඩායමේ උප නායකත්වය හැරී බෘෘක්ට පැවරී තිබෙනවා.

ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලිට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වූ අතර, ඒ අනුව බෙන් ඩකට් සමග ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඩෑන් ලෝරන්ස්ටයි.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වේග පන්දු යවන්නන් ලෙස ක්‍රිස් වෝක්ස්, ගස් ඇට්කින්සන්, මැතිව් පොට්ස් හා මාර්ක් වුඩ් ක්‍රීඩා කරනු ලබනවා. විශේෂඥ දග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කරන්නේ ශොයිබ් බෂීර්.

England XI:

Dan Lawrence, Ben Duckett, Ollie Pope (c), Joe Root, Harry Brook, Jamie Smith (wk), Chris Woakes, Gus Atkinson, Matthew Potts, Mark Wood, Shoaib Bashir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...