හර්ෂිතාගේ ශතකය අපතේ යයි – ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය පරදියි

Date:

හර්ෂිතා සමරවික්‍රමගේ අනර්ඝ ශතකය අපතේ යවමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 255 ක් ලබා ගත්තා.

Leah Paul ලකුණු 81 ක් රැස් කළ අතර, Amy Hunter ලකුණු 66 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240 ක් පමණයි.

විශ්මි ගුණරත්න ලකුණු දෙකකට දැවී ගිය අතර, චමරි අතපත්තු ලකුණු 22 කට දැවී ගියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 105 ක් ලබා ගත්තේ පන්දු 124 කින්. හතරේ පහර 11 ක් ඇයගේ ඉනිමට ඇතුළත්. කවීෂා දිල්හාරි ලකුණු 53 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Arlene Kelly කඩුලු 3 ක් හා Jane Maguire කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...