ටෙස්ට් පිටියට වසර 150 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ටෙස්ට් තරගයක්

Date:

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පවත්වා වසර 150 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ ටෙස්ට් තරගයක් ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර  පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

2027 වසරේ මාර්තු මාසයේ දී මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී එම තරගය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ටෙස්ට් තරග ආරම්භ වී වසර 100 ක් සපිරීම නිමිත්තෙන් 1977 වසරේ දී ද දෙරට අතර මෙල්බර්න් හී දී විශේෂ ටෙස්ට් තරගයක් පැවැති අතර, එම තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 45 ක ජයක් වාර්තා කළා.

1877 වසරේ පැවැති ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තය පරදා මෙල්බර්න් හී දී ඔස්ට්‍රේලියාව ජය වාර්තා කළේ ද ලකුණු 45 කින්ම වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...