හර්ෂිතාගේ 86* හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Date:

අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙරට වේලාවෙන් ඊයේ(11) රාත්‍රියේ සමත් වුණා.

ඩබ්ලින් නුවර පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායිකා අනුෂ්කා සංජීවනීගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 145 ක් ලබා ගත්තා.

Gaby Lewis ලකුණු 39 ක්, Orla Prendergast ලකුණු 29 ක් හා Laura Delany ලකුණු 25 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙකක් බිද හෙලූ අතර, උදේශිකා ප්‍රබෝදනී හා සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉනිම‌ නිමා වීමට පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි අතපත්තු මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් විශ්මි ගුණරත්න සමගින් ඉනිම ආරම්භ කළ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 86 ක් ලබා ගත්තේ පන්දු 45 කින්. හයේ පහරක් හා හතරේ පහර 15 ක් ඇයගේ ඉනිමට ඇතුළත්. විශ්මි ලකුණු 30 ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 83 ක්.

පන්දු යැවීමේ දී Freya Sargent, Arlene Kelly හා Laura Delany කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...