ඇෆ්ඝනිස්තාන මුල් පෙල පිතිකරුට වසර පහක ක්‍රිකට් තහනමක්

Date:

දූෂන චෝදනාවලට වරදකරුවෙකු වීම හේතුවෙන් ඇෆ්ඝනිස්තාන මුල්පෙල පිතිකරුවෙකු වන Ihsanullah Janat හට වසර පහක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කළ බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මෙම වසර මුලදී පැවැති කාබුල් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවූ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබදව ද මේ වන විට විමර්ශන සිදු කරන බව සදහන්.

2017 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් Ihsanullah Janat මේ වන විට 26 වැනි වියේ පසුවනවා. ඔහු ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරග ගණන 20 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...