ලකුණු 110 ක ජයක් සමග වසර 27 කට පසු ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් වසර 27 කට පසුව ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(7) සමත් වුණා.

ඒ, ‌දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 110 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 26.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 138 ක් පමණයි.

රෝහිත් ෂර්මා ලකුණු 35 ක්, වොෂින්ටන් සුන්දර් ලකුණු 30 ක් හා විරාත් කෝලි ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 27 කට කඩුලු 5 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලකුණු 96 ක් ලබා ගත් අවිශ්ක ප්‍රනාන්දු. හයේ පහර 2 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කුසල් මෙන්ඩිස් ලකුණු 59 කටත්, පැතුම් නිස්සංක ලකුණු 45 කටත් දැවී ගියා. කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 23 යි.

රියාන් පරාග් ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව අවසන් වරට එක්දින තරගාවලියක් ජය ගෙන තිබුණේ 1997 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...