ජෝ රූට් ලෝකෙන්ම යළි එක වෙයි

Date:

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරුවන් අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට එංගලන්ත පිතිකරු ජෝ රූට් සමත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ දී ලකුණු 291 ක් ලබා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

රූට් මේ වන විට ශ්‍රේණිගත ලකුණු 872 ක් හිමි කර ගෙන සිටින අතර, මෙතෙක් පළමු ස්ථානයේ සිටි නවසීලන්තයේ කේන් විලියම්සන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 859 ක්. මීට පෙර රූට් රැදී සිටි දෙවැනි ස්ථානය මේ වන විට හිමිව ඇත්තේ විලියම්සන්ටයි.

ජෝ රූට් පළමු වරට ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානය දිනා ගත්තේ 2015 වසරේ අගෝස්තු මාසයේ දී යි.

එංගලන්තයේ හැරී බෘෘක් 7 වැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර, ඒ හේතුවෙන් බාබර් අසාම් හා ඩැරල් මිචෙල් සම තෙවැනි ස්ථානය දක්වාත්, ස්ටීවන් ස්මිත් 5 වැනි ස්ථානය දක්වාත්, රෝහිත් ෂර්මා 6 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

දිමුත් කරුණාරත්න රැදී සිටින්නේ 9 වැනි ස්ථානයේයි. ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...