ICC Rankings : වනිදුට පළමු තැන අහිමි වෙයි – පැතුම් හා කුසල් ඉදිරියට

Date:

නවතම ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද(31) නිවේදනය කළා. ඊට අනුව ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් පිතිකරුවන් අතර සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ෂුබ්මන් ගිල් 21 වැනි ස්ථානය දක්වා ස්ථාන 16 කින් ද, ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ විස්සයි 20 තරගාවලියේ දී ඔවුන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගාවලියේ දී දක්ෂතා දැක් වූ පැතුම් නිස්සංක 15 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ ඇති අතර, කුසල් මෙන්ඩිස් 19 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට පෙර පන්දු යවන්නන් අතර පෙරමුණේ ද පසු වූ රවී බිෂ්නෝයි යළිත් වරක් පන්දු යවන්නන් අතර පළමු 10 දෙනා අතරට පැමිණ ඇත්තේ ස්ථාන 8 කින් ඉදිරියට පැමිණෙමින්.

වනිදු හසරංග සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇති අතර, රෂීඩ් ඛාන් තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. මහීෂ් තීක්ෂණ තවදුරටත් එහි 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මතීෂ පතිරණ සම 77 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13 කින්.

මේ අතර, ඉන්දියාවට එරෙහිව නිමා වූ විස්සයි 20 තරගාවලියේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වීමට වනිදු හසරංග අපොහොසත් වීම හේතුවෙන් මෙතෙක් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසු වූ ඔහු මේ වන විට සම තෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ඒ අනුව මේ වන විට තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණේ රැදී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මර්කස් ස්ටොයිනිස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...