වුඩ්ගේ කඩුලු පහත් සමග එංගලන්තයට තරග 3-0 ක තරගාවලි ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් ටෙස්ට් තරගයෙන් එංගලන්තය කඩුලු 10 ක ජයක් වාර්තා කරමින්.

බර්මිංහැම්හි පැවැති තරගයේ තෙවැනි දිනය වූ ඊයේ(28) දිනයේ දී තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 82 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දු 44 ක්(පන්දුවාර 7.2) පමණක් වැය කරමින් කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඉනිම ආරම්භ කළ නායක බෙන් ස්ටොක්ස් පන්දු 28 කින් නොදැවී ලකුණු 57 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්. බෙන් ඩකට් නොදැවී ලකුණු 25 යි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 2 ක් දැවී ලකුණු 33 ක් රැස් කර ගෙන සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 175 ක් පමණයි.

Mikyle Louis ලකුණු 57 ක් හා Kavem Hodge ලකුණු 55 ක් ලබා ගත්තා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මාර්ක් වුඩ් ලකුණු 40 කට කඩුලු 5 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් ලකුණු 282 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 376 ක්. ඒ, එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 54 ක් තුළ දැවී ගිය පසුබිමකයි.

අනතුරුව ජෙමී ස්මිත් ලකුණු 95 ක්, ජෝ රූට් ලකුණු 87 ක්, ක්‍රිස් වෝක්ස් ලකුණු 62 ක් හා බෙන් ස්ටොක්ස් ලකුණු 54 ක් ලබා ගනිමින් බිද වැටුණු එංගලන්ත ඉනිම ගොඩ නැගුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...