මැද පෙල දියාරු පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව තරගාවලිය පරදියි

Date:

පළමු විස්සයි 20 තරගයේ දී මෙන්ම දෙවැනි විස්සයි 20 තරගයේ දී ද ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් දැක් වූ දියාරු පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) සංචාරක ඉන්දීය කණ්ඩායම අද(28) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 161 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ඉනිමේ තෙවැනි පන්දුවෙන් පසුව තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වුණා. අනතුරුව ජයග්‍රහනය සදහා ඉන්දියාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 8කදී ලකුණු 78 ක ඉලක්කයක් හිමි වුණා.

එය පන්දුවාර 6.3 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී පහසුවෙන් පසු කර යාමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.

සංජු සැම්සන් ලකුණු නොලබා දැවී ගිය අතර, යශස්වි ජයිස්වාල් ලකුණු 30(15) ක් හා සූර්යකුමාර් යාදව් ලකුණු 26(12) ක් ලබා ගනිමින් ඉන්දියාවට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා. හර්ඩික් පාන්ඩ්යා ලකුණු 22(9) ක් නොදැවී රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ හා වනිදු හසරංග කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව එක් අවස්ථාවක පන්දුවාර 15 ක් අවසානයේ දී කඩුලු 2 ක් දැවී ලකුණු 130 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුණා.

කෙසේ වෙතත්, ඉනිමේ අවසන් පන්දුවාර පහ තුළ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 7 ක් දැවී ලබා ගත්තේ ලකුණු 31 ක් පමණයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා.

පැතුම් නිස්සංක ලකුණු 32(24) ක් රැස් කළ අතර, කුසල් පෙරේරා පන්දු 34 කින් ලකුණු 53 ක් ලබා ගත්තා. කුසල්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් ඇතුළත්. කමිදු මෙන්ඩිස් ලකුණු 26කටත්, චරිත් අසලංක ලකුණු 14 කටත් දැවී ගියා.

යළි අසාර්ථක වූ දසුන් ශානක හා වනිදු හසරංග ලකුණු නොලබා දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 12 යි.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං, අක්සාර් පටෙල් හා හර්ඩික් පාන්ඩ්යා කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...