විලියම්සන් හා වෝක්ස් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට

Date:

නවසීලන්තයේ කේන් විලියම්සන් හා එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් 2025 SA20 තරගාවලිය සදහා Durban’s Super Giants කණ්ඩායම සමග සෘජුව ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙය එම ක්‍රීඩකයින් දෙදෙනාම SA20 තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව බවට පත් වනු ඇති.

තරගාවලිය සදහා සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින් තීරණය කිරම සදහා ලබා දී ඇති කාලය ජූලි 21 වැනිදායි අවසන් වන අතර, සෘජු ගිවිසුම්ගත වීම් සදහා අගෝස්තු 31 වැනිදා දක්වා කාලය පවතිනවා.

2025 SA20 තරගාවලිය ජනවාරි 9 වැනිදා සිට පෙබරවාරි 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

පසුගිය සතියේ දී Paarl Royals කණ්ඩායම විසින් එංගලන්තයේ ජෝ රූට් සමග ගිවිසුම්ගත වූ අතර, බෙන් ස්ටොක්ස් වෙත ද MI Cape Town කණ්ඩායම විසින් ගිවිසුමක් යෝජනා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...