“විදෙස් ක්‍රීඩකයින් නොමැතිව අයි.පී.එල් ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකියි” – මැතිව් හේඩ්න්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව පැවැත්විය හැකි බව ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක මැතිව් හේඩ්න් පවසනවා.

ලොව පුරා පවතින සංචරන සීමා හේතුවෙන් විදෙස් ක්‍රීඩකයින්ට මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඉන්දියාට පැමිණීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඉන්දියාවට මෙවර අයි.පී.එල් තරගාවලිය එරට දී සංවිධාන කළ නොහැකි නම්, එය ශ්‍රී ලංකාව වැනි රටක පැවැත්වීම වඩාත් යෝග්‍ය බව ද මැතිව් හේඩ්න් සදහන් කළා.

කොළඹ නගරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන 3ක් 4ක් පමණ පැවතීම හේතුවෙන් අයි.පී.එල් තරගාවලිය පහසුවෙන් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කළ හැකි බව ඔහුගේ අදහසයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, එය මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...